පොහොට්ටු-ශ්‍රීලනිප සන්ධානය ගැන කියන්න ජනපති ආසන සංවිධායකවරු කැඳවයි

Picture of අසංක

අසංක

පොදුජන පෙරමුණ අතර ඇතිකර ගැනීමට යෝජිත දේශපාලන සන්ධානය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (04) දහවල් කොළඹට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

ඒ අනුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී අද දහවල් 12 ට මෙම විශේෂ රැස්වීම ආරම්භ වීමට නියමිතය .

අදාළ සංධානය ගොඩනැගීම පිළිබඳව ආසන සංවිධායකවරුන්ගේ කැමැත්ත විමසීමද මෙහිදී සිදුකෙරෙනු ඇති බව වාර්තාවේ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සහ ප්‍රාදේශීය වශයෙන් පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා පුළුල්ව සාකච්ජා කෙරෙනු ඇති බව වාර්තාවේ.