රජයේ කොන්ත්‍රාත් ලබාදීමේදී කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් සිදුකිරීමට අදාළ සියලු බලතල අමාත්‍යවරයා වෙත පැවරෙන ආකාරයේ පනත් සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට , කර්මාන්ත හා වානිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සැලසුම් කර ඇත,
1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනතට මෙලෙස සංශෝධනයක් ගෙන ඒමට බදුයුදීන් මහතා මේ වනවිටත් කටයුතු යොදා ඇති බව වාර්තාවේ.
මෙතෙක් මෙම කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ඇතුළු ඊට අදාළ කටයුතු සම්භන්ධව බලතල පැවරී තිබුයේ සමාගම් රෙජිස්ටාර්වරයා වෙතය .
එළඹෙන 09 දින මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා ඇති අතර ඊට සහය ලබාදීමට එක්සත් ජාතික බදුයුදීන් මහතාට එකඟතාව පළකර ඇති බවද වාර්තාවේ.