දුගීභාවය තේරුම් නොගන්නා පිරිසට ඡන්දය නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට පවසයි.
නොවැම්බර් මාසයේ නිල කාලය අවසන් කර දේශපාලනයේ ඊළඟ පියවර තබන්නේ කිසිඳු චෝදනාවක් නැති කෙනෙකු ලෙස බව ඇල්පිටිය ක්‍රීඩාංගණයේදී අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාලු මහ සමුලුව අමතමින් හෙතෙම පැවැසීය.
දූෂණයෙන් තොර පාලනයක් ගෙන යාමට උත්සාහ කළ බවත් ඒ සඳහා තමන්ට සටන් කරන්නට සිදු වු බවද ජනාධිපතිවරයා කියාසිටියේය.
ජනතාවට කැමැත්තක් නොමැති පක්ෂ පසු පස නොයන ලෙසත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.