ජනපති අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා දෙකම ඉවතට

Picture of අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අද දිනයේ නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන්ට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා දෙක යටපත් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ පනතේ විධිවිධාන හා බැදීමක් නොමැති බැවින් එම විරෝධතා යටපත් කළ බව හෙතෙම මීට සුළු වේලාවකට පෙර දැනුම් දුන්නේ ය.

මේ වනවවිට නාමයෝජනා භාරදී, විරෝධතා ඉදිරිපත් කළ තීන්දු ද ප්‍රකාශයට පත්කර ඇති අතර නාමයෝජනා ලියකියවිලිවලට අදාළ ගැටලු නිරාකරණය කිරීමේ කටයුතු සිදුවෙයි.