ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ප්රචාරක කටයුතු අද (08) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වීමට නියමිතය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් තෝරා ගැනීම ඡන්ද මධ්‍යස්ථාන 47 කදී සිදු කෙරෙන අතර ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 ක්. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනේ.
ඒ අනුව කොට්ඨාස ක්‍රමය යටතේ සභිකයින් 11 දෙනෙකු සහ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ සභිකයින් 17 දෙනෙකු ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත් කර ගැනෙනු ඇත. එම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 11 වැනිදාය.