බැඳුම්කර නඩුවේ ප්රධාන විත්තිකරු වන අර්ජුන මහේන්ද්රන් මහතා මෙරටට ලබාදීම සම්බන්ධව ශ්රී ලංකා රජය කළ ඉල්ලීම සලකා බැලීමට සිටින බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
අර්ජුන මහේන්ද්රන් මෙරටට පිටුවහල් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන තම කාර්යාලය වෙත ලැබී ඇති බවද සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව මෙරටට දැනුම් දී ඇත.
සැකකාර මහේන්ද්රන් මහතා මෙරටට උදර්පනය කරන්නැයි ඉල්ලමින් පිටු 21,000 කින් පමණ සමන්විත ගොනු ඇතුළත් නීතිමය ලේඛන නීතිපතිවරයා විදේශ කටයුතු අමාත්යංශය මාර්ගයෙන් සිංගප්පූරුවේ පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පසුගියදා යොමු කරනු ලැබී ය.