නවතම පුවත්

බෞද්ධ දර්ශනයට වැඩිම සේවාවක් කරපු හැටි අකිල කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බෞද්ධකම පොරවාගෙන  දේශපාලනයෙන් ගොඩඑන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය  නීතිඥ අකිල විරාජ් කාරීවයවසම් මහතා ප්‍රකාශ කරයි.

අමා‍ත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ කුලියාපිටියේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්න කීපයකට පිළිතුරු වශයෙනි.

බෞද්ධයින් හා බෞද්ධ දර්ශනය නඟා සිටුවීමට වත්මන් ආණ්ඩුව තරම් ක්‍රියා කළ තවත් ආණ්ඩුවක් නැතැයි ද පැවසූ  අමාත්‍යවරයා  “මම මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව සිටියදී විහාරස්ථාන 1,500 කට මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින්  ලබා දුන්නා. වි‍ශේෂයෙන්ම අනුරාධපුරයේ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා. රුවන්වැලි මහා සෑයේ වැලි ඇතිරීමේ සිට දීඝවාපිය ප්‍රතිසංස්කරණය දක්වා කෝටි ගණනක මුදල් වැය කළා.

දීඝවාපිය ප්‍රතිසංස්කරණයට පමණක් රුපියල් කෝටි 75 , 80 වෙන් කළා. ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා  එම අරමුදල භාර ගත්තාට පසුව පන්සල් වෙහෙර විහාර ආදියට විශාල වශයෙන් වැඩ කර තිබෙනවා. අගමැතිතුමාගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ද කෝටි ගණනින් වැඩ කර ති‍බෙනවා. බුද්ධාගම නඟා‍ සිටුවීමට හා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයට ඉතිහාසයේ කවරදාවත් මේ ආණ්ඩුව තරම් කවුරුත් වැඩ කර  නැහැ.” යනුවෙන් අමාත්‍යවරයා  සඳහන් කළේය.

නියම බෞද්ධයෙක් නම් බුදුන්වහන්සේගේ දර්ශනයට අනුව හැසිරිය යුතු බවත් විපක්ෂයේ සමහරුන් පසුගිය කාලයේ හැසිරුණේ බෞද්ධ දර්ශන අනුව නොවන බවත් ඔවුන් මිනීමැරුම් ගසා කෑම් සිදු කරමින් සුදු වෑන් සංස්කෘතියක් ද ක්‍රියාත්මක  කළ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා “ අපි  ගැන කුමන විවේචන කළත් සුදුවෑන් වලින් මිනිස්සු උස්සලත් නැහැ,වෙඩිතියලත් නැහැ,මරලත් නැහැ,එසේ වුවත් සමහරවිට අකරතැබ්බ සිදුවී ඇත්තේ ද අපිටම තමයි. ” යනුවෙන් ද පැවසුවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්