කොළඹ පිටකොටුව පොලීසියේ අපරාධ අංශ හා පාලන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.
ඒ ත්‍රස්ත ප්‍රහාරයක් බව කියමින් පසුගියදා බුද්ධි අංශ විසින් තහවුරු නොකළ තොරතුරක් ගැන හෝටල් කිහිපයක් වෙත ලිපියක් මුදාහැරීම සම්බන්ධයෙන් විමර්ශනයකින් අනතුරුවයි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඒම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනය කර තිබුණි.
මේ අනුව පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ නොදන්වා ඒම ලිපිය යැවූ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ ඒම විමර්ශනයේ නිර්දේශ අනුවයි.