මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට අධිකරණ කටයුතු කරමින් සිටි පොලිස් නිලධාරියකුට අල්ලස් දීමට තැත්කල අයකු දඹුල්ල පොලිස් ස්ථානය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි අයෙකි.
රුපියල් 10000ක මුදලක් පොලිස් නිලධාරියා වෙත අල්ලස් ලෙස ලබාදීමට තැත් කර ඇත.
සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.