ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය ඇරඹෙයි

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණයේ  නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය රජයේ මුද්‍රණාලය විසින් ආරම්භ කර තිබේ.

නිල ඡන්ද පත්‍රිකා එක් කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මුද්‍රණය කිරිමට කටයුතු යොදා ඇතැයි සඳහන්‍ ය.

නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරක්ෂාකාරි ලෙස සිදුකිරීමට මුද්‍රණාලය ආශ්‍රිතව විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
 
ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටිම හේතුවෙන් ඉතිහාසයේ වැඩිම දිගකින් යුතු ඡන්ද පත්‍රිකාව මෙවර සකස් කරනුයේ අඟල් 26ක දිගකින් යුක්තවයි.