රතුමුහුදේ ජෙඩා වරායට නුදුරින් නවතා තිබූ ඉරානයට අයත් ඉන්ධන නෞකාවක් පිපිරීමට ලක්ව තිබේ.
එහි ගින්න නිවීමට කටයුතු කරමින් පවතී.
ජෙඩාහි පිහිටි මැදපෙරදිග විශාලතම විදුලි දුම්රිය නැවතුම්පොළ පසුගියදා ගිනිගෙන විනාශ විය.
එහි චෝදනාව එල්ල වූයේ ඉරානයේ සහය ලැබෙන හූති කැරළිකරුවන්ට ය.
මාසයක් ගතවීමටත් පෙර සෞදියේ පිහිටි ලොව දැවන්තම තෙල් නිෂ්පාදන හා සැකසුම් පහසුකම ඇති එරට ජාතික ඉන්ධන සමාගම වන ඇරැම්කෝහි පර්යන්ත දෙකකට හූති කැරළිකරුවන් ඩ්රෝන් ප්රහාර එල්ල කළේ ලෝක ඉන්ධන මිල ද ඉහල දමමිනි.
ඉරානය හා සෞදිය අතර මේ වනවිට ඉන්ධන පිළිබඳ ආර්ථික යුද්ධයකට එහාගිය යුද්ධයක් හටගෙන ඇතැයි විශ්ලේස්ෂකයන්ගේ මතයයි.