අසේලට මර්ණ තර්ජන – ඉල්ලා අස්වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (10) දින සිය ධූරයෙන් ඉල්ලා අස්වීය.
සිය ජීවිතයට එල්ලවූ මරණ තර්ජන හේතුවෙන් මෙම තීරණය ගත් බව , ඉල්ලා අස්වීම පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් අසේල සම්පත් මහතා ප්‍රකාශ කර සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරු දින කිහිපය තුල ආහාරවල මිල අඩු කිරීමත් සමඟම තම සංගමයද ඒ අනුව අහාරවල විට අඩු කිරීමට ගත් උත්සහය අනුව යම යම් පර්ශවන් තමන්ට විරුද්ධව කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

ආපන ශාලා වලට සහ හෝටල් සඳහා දඩ ගසා පරිභෝගික අධිකාරිය වසරකට රුපියල් කොටි 9ක ආදායමක් ලබා ගන්නා බවත් තම සංගමය මැදිහත් වි හෝටල් නවීකරණය කර නිසි පරිදි සැකසූ විට එහ දඩ ආදායම ආණ්ඩුවට නොමැති වීම නිසා තමන්ට විරුද්ධව කටයුතු කරන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

පැතුම් වික්‍රමරත්න