නවතම පුවත්

වසර දෙකක් තුල සත්තු වත්තේ සතුන් 328 මැරිලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328ක් ගෙවුණු වසර දෙක තුළදී මරණයට පත්ව ඇති බව නවතම විමර්ශනයකදී අනාවරණය වී ඇත.

සත්වෝද්‍යාන සංවර්ධන හා සුබසාධන අරමුදල සත්ත්ව සුබසාධනය සඳහා උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳ ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

ඒ අනුව 2016, 2017 වසර දෙක තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328ක් මිය යාමට රෝගාබාධ, එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාරු කිරීමේදී පශු වෛද්‍ය උපදෙස් අනුව කටයතු නොකිරීම, අලි ඇතුන්ට අඛණ්ඩව ප්‍රතිකාර නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතු වී ඇත..

2016, 2017 වර්ෂවලදී දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිට වෙනත් සත්ත්ව උද්‍යානවලට සතුන් 29 දෙනෙක් මාරු කීරිමේදී ලෝක සත්ත්ව හා මින් මැදුරු පිළිබඳ සංවිධානය නිකුත් කර ඇති ආචාර ධර්ම නොසලකා ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර ආචාර ධර්ම කඩ කරමින් දිරාපත් වූ කූඩු තුළ සතුන් රැඳවීම නිසා අවස්ථා තුනකදී සතුන් අස්ථානගත වීම ද, අවස්ථා 5කදී වෙනත් සතුන් විසින් ප්‍රදර්ශනය කරන සතුන් කා දැමීම ද, අවස්ථා 6දී සතුන්ට තුවාල වීම් ද වාර්තා වී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා