20 සම්මත කරගැනීමට ජවිපෙ ප්‍රමුඛත්වය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඊලඟ ජනාධිපතිවරණයට පෙර සම්මත කර ගැනීමට නොහැකිවුනහොත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කර සිටී.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අද දවසේ ප්‍රමුඛ කාර්යභාර්යයක් බවත් ඒ වෙනුවෙන් ජවිපෙ 20වන සංශෝධනය සම්මතකරගැනීම සඳහා මේ මොහොතේ ප්‍රමුඛතාවය දී කටයුතු කරන බවත් මැදවච්චියේ පවතී රැස්වීමකට එක්වෙමින් ලාල් කාන්ත මහතා සඳහන් කළේය.
කෙසේ නමුත් ජනාධිපතිවරණයකට මුහුණදීමට සිදුවන්නේ නම් එය තුන්කොන් සටනක් බවට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ප්‍රබල අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පැවසීය.

පැතුම් වික්‍රමරත්න