ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රීලනිපය ගිවිසුම 19

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමක් එළඹෙන 19 දින අත්සන් තැබීමට නියමිතව ඇති බව වාර්තාවේ.

කැබිනට් මණ්ඩලය 30ත සීමා කිරීම , සෑම අමාත්‍යාංශයක් සඳහාම ජාතික වැඩපිළිවෙලක් , ආදී යෝජනා 17 ක් මෙම අවබෝධතා ගිවිසුමට ඇතුලත්ව ඇත.

දැනටමත් මෙම සියලු යෝජනා සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව ඇති බවද වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අමතරව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද මෙලෙස අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙන්නේ ශ්‍රීලනිපය තුලින්ම මතුවූ ඉල්ලීමක් අනුව බවද වාර්තාවේ