තවත් LTTE පහක් මැලේසියානු පොලිස් අත්අංඩංගුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයින් පස් දෙනෙකු මලයාසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැනට මැලේසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන එල් ටී ටී ඊ සැකකරුවන් ගෙන ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

මලක්කා, පී.නෑන්, සෙලෙන්ගෝර් යන ප්‍රදේශවලින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මොවුන්ද එල්.ටි.ටි.ඊ. සංවිධානය යළි ගොඩනැංවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසූ බවට චෝදනා එල්ල වී ඇත.

එල්.ටි.ටි.ඊ. සංවිධානය මලයාසියාව තුළ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනම් සංවිධානයක් බැවින් ඊට ආධාර අනුබල දෙන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සිදුකරන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.