දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම හරහා රිය අනතුරු බහුලව සිදුවන හෙයින් මෙම තීරණය ගත් බව පොලීසිය පවසයි.
පසුගිය 10 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම තීරණය ගෙන තිබේ.