පෘථිවිය මේ වනවිට මීට වසර විස්සකට පෙර තිබුනාට වඩා හරිත තුරුවැල් හා ගස්කොළන් වලින් පිරුණු ස්ථානයක් බවට පත්ව ඇති බව නාසා ආයතනය නිකුත් කල නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.
චීනය හා ඉන්දියාව දියත් කර ඇති රුක් රෝපණ හා පරිසර සංරක්ෂණ වැඩසටහන් ප්‍රධාන වශයෙන් මෙම තත්වයට හේතුවී ඇති බවද නාසා ආයතනයේ මෙම වාර්තාව මගින් හෙළිවී ඇත.
කලකට පෙර පරිසර දූෂණය අධිකම රටවල් අතර සිටි චීනය හා ඉන්දියාව පසුගිය වසර කිහිපය තුල දියත් කල පාරිසරික වැඩසටහන් ඉතා සාර්ථක මට්ටමක පවතින බවත් ඒවායේ ප්‍රතිඵලයක් ලෙස එම රටවල පරිසර දූෂණය මේ වනවිට අඩුවෙමින් පවතින බවත් මෙම වාර්තාවේ දැක්වේ.
එම තත්වය මේ වනවිට සමස්ත ප්රුතිවියටම සුභදායී ලෙස බලපෑ ඇති බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස ප්‍රතුවියේ හරිත ආවරණය ඉහළ ගොස් ඇති බවට මුලින්ම අනුමාන කලද පසුව නාසා ආයතනයට ලැබුණු චන්ද්‍රිකා ජයාරූප හරහා අනාවරණය වී ඇත්තේ චීනය හා ඉන්දියාව ආශ්රිත ප්‍රදේශ වල හරිත ආවරණය විශේෂයෙන් ව්‍යාප්තව ඇති බවයි.