“කුරුණෑගලටත් තරු-5 සංචාරක හෝටල් ගේනවා” – අගමැති

Picture of අසංක

අසංක

කුරුණෑගල ප්‍රදේශයේ සංචාරක හෝටල් ගෙනඒමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල වැව් මංතීරුව විවෘත කිරීමෙ අවස්ථාවට පසුගියදා එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

“කුරුණෑගල ප්‍රදේශයේ ඇති එක් අඩුපාඩුවක් නම් හොද හෝටල් නොතිබීමයි. දඹුල්ල, නුවර, කටුනායක අවට සහ මීගමුව ප්‍රදේශයන්හි හොද හෝටල් තිබෙන නමුත් කුරුණෑගල ප්‍රදේශයේ හොද හෝටල් දක්නට ලැබෙන්නේ නැහැ. මේ ප්‍රදේශයේ ඇති ඉඩම් කිහිපයක හෝටල් කිහිපයක් ආරම්භ කළහොත් විශාල දියුණුවක් දක්නට පුළුවන්. ඉදිරියේදී තරු හතරේ තරු පහේ හෝටලයක් දෙකක් මේ ප්‍රදේශයේ ඉදිකිරීමෙන් තවත් විශාල දියුණුවක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. අපි සංචාරක ආර්ථිකයක් මේ ප්‍රදේශයට ලබා දිය යුතුයි. සංචාරක ආර්ථියක් ලබාදීම මගින්ද මේ ප්‍රදේශයට විශාල දියුණුවක් ලබාදීමට අපි කටයුතු කරනවා.” යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.