ඇල්පිටිය ප්‍රා.සභාවේ නව සභික ලැයිස්තුව ගැසට් කිරීමට යයි

Picture of අසංක

අසංක

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛනය ඉදිරි දින දෙක තුළ ගැසට් කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වෙයි.

මෙම සභිකයින්ගේ නම් ආසන හිමිකරගත් ඒ ඒ පක්ෂවලින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දියයුතු වේ.

ඒ අනුව සභික නාමලේඛනය හැකි ඉක්මනින් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම් දී ඇති අතර අද දිනයේදී එය ලැබෙනු ඇතැයි එම කොමිසම අපේක්ෂා කරයි.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාස 17ම දිනා ගනිමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 17ක් දිනාගත්තේය. ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති නම් කිරීම ද එම පක්ෂය විසින් නම් කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 07ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය සභික ධුර 03ක් සහ ජනතා විමුක්ති පෙරමුණ සභික ධුර 02ක් හිමි කරගෙන තිබුණි.

සභිජ මෙම නාම ලේඛන ඇල්පිටිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යැවීමෙන් පසු ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.