නවතම පුවත්

ටෙලෝ ශිවාජි ගැටුම් උග්‍ර වෙයි – සිවාජිලිංගම් ස්වාධීන වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා හා ටෙලෝ පක්ෂය අතර ඇතිවී තිබු ගැටුම් මේ වන විට උග්‍රවීම නිසා ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ස්වාධිනව කටයුතු කරන බව අපට වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශිවාජිලිංගම් මන්‍ත්‍රිවරයා

ටෙලෝ පක්ෂය වරින් වර තමන්ට ඉදිරිපත් කරණ කොන්දේසී පිළිගැනීමට තමන් සූදානම් නොමැති නිසා පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන පුද්ගලයෙකු හැටියට දේශපාලනයේ නිරත වන බවත් ඔහු කියා සිටියේ යාපනයේදී ටෙලෝ සංවිධානයේ ලේකම්වරයා හමුවී ටෙලෝ පක්ෂයෙන් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වෙත බාර දෙන බවයි.

තමන් දේශපලනයට පිවිසියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට මිස මුදල් හම්බ කිරීමට නොවන බව කී ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ජනතාවට සේවය කිරීමට පක්ෂයක් අවශ්‍යම නැති බවද සදහන් කළේය.

මේ වන විට උතුරු නගෙනහිර දෙමළ වැසියන් වෙනුවෙන් කතා කිරීමට කිසිම ජනාධිපති අපේක්ෂකයෙකු නොමති නිසා ඉදිරි දිනවලදී තමන් ඒ කටයුත්ත ආරම්භ කරණ බවද ඔහු පැවසීය.දෙමළ ජාතිකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සියලුම දෙමළ දේශපාලන පක්ෂ සතුටු විය යුතු නමුත් ඔවුන් සියලු දෙනාම දැන් තමන්ගේ කකුලෙන් අදින බවද ශිවාජිලිංගම් මහතා පැවසීය.

ඔවුන් එසේ කරන්නේ දේශපාලනය මුවාවෙන් සල්ලි හම්බ කිරීම හා විවිධ තනතුරු ලබා ගැනිමට යාමේදී තමන්ගේ දේශපාලන ක්‍රියාවන් ඔවුන්ට විශාල බාධාවක් වීම නිසා යැයිද ශිවාජිලිංගම් මහතා මෙහිදී වැඩි දුරටත් කියාසිටියේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි