නවතම පුවත්

ගොඨාගේ පුරවැසි බව මහින්ද දීම නීත්‍යානුකූලයි – පෙත්සමේ නීතිමය අඩුවක්

අසංක

අසංක

අභියාචනාධිකරණය කරුණු දක්වයි

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ කරුණු අභියාචනාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කර තිබේ.

එය ප්‍රකාශයට පත්කරන ලද්දේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මීට අදාළ පෙත්සම ගොනු කර තිබුණි.

එමගින් චෝදනා කළ ප්‍රධාන කරුණක් වන්නේ 2005 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසිභාවය පිරිනැමීම විෂය භාර අමාත්‍යවරයා විසින් සිදුකර නොමැති බවත් එය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කිරීම නීති විරෝධී බවත් ය.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොමැති අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය සතු සියලු බලතල ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත වන බව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අවධාරණය කර ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුරවැසිභාවය පිරිනමමින් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ පියවර නීත්‍යානුකූල බව අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලේ අදහසයි.

මෙම නඩු විභාගයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතු කළ එක් විරෝධතාවක් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නොතිබීම නීතිමය අඩුවක් බවය.

එම මූලික විරෝධතාව පිළිගත් ‍ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විග්‍රහ කළේද පොදුජන පෙරමුණ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නොතිබීම නීතිමය අඩුවක් ලෙසය.

මෙම කරුණු හා තවත් කරුණු කිහිපයක් මත පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් නොකොට ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සිය කරුණු දැක්වීම් වලින් අනාවරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා