නවතම පුවත්

කහවත්තේ මවක් හා දුවක් මැරූ රාජු පෝරකේට – නඩු තීන්දුව පිටු 221ක්

අසංක

අසංක

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අද(15) මරණීය දණ්ඩනය නියම කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් නඩු තීන්දුව පිටු 221කින් යුක්ත වේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේය.

2012 වසරේ ජනවාරි මස 31 වනදා රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේ පිහිටි පන්සල පාරේ දී  නයනා නිල්මිණි (අවුරුදු 52)සහ ඇයගේ දියණිය වන කාවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (අවුරුදු 17 ) යන අය මරා දැමීම සම්බන්ධයෙන් ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.

චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් මෙම නඩුවේ දෙවන විත්තිකාරිය ලෙස නම්කර තිබූ  අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි නමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණය මීට පෙර කටයුතු කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා