නවතම පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල Carbon Neutral Operations” සහතිකය ලබා ගත් ආසියාවේ ප්‍රථම රෝහල ලෙස හිමිකම් ලබයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

Carbon Consulting Company (Pvt) Ltd මඟින් පිරිනමනු ලබන ජාත්‍යන්තරව පිළිගත් “Carbon Neutral Operations” තත්ව සහතිකය නාවික හමුදා මහ රෝහල (කොළඹ) හිමිකර ගැනීමට සමත් වූ අතර, ඊට අදාල සහතිකය අද (2019 ඔක්තෝබර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය සේවා (රෝග විනිශ්චය සහ වලක්වාගැනීම), වෛද්‍ය කොමදෝරු ජනක මාරඹේ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කපිතාන් අරුණ වීරසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල (කොළඹ) අණදෙන නිලධාරි, කොමාණ්ඩර් පුබුදු ගුණසේකර සහ Carbon Consulting Company (Pvt) Ltd අයතනයේ ‍නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.

මෙම සහතිකකරණයට අදාල වූ ගණනය කිරීම් තිරසාර සංවර්ධනය සඳහා වූ ලෝක ව්‍යාපාරික කවුන්සලය සහ ලෝක සම්පත් ආයතනය සහ ප්‍රමිතකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රකාශිත  ISO 14064-1:2019 ප්‍රමිතිකරණ මිනුම් සහ හරිතාගාර වායු ව්‍යුහය මෙන්ම ආයතනික සහ වාර්තා කිරීම්වලට අදාලව සිදු කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්