වනජීවී භාරය වසා දමයි

Picture of අසංක

අසංක

වනජීවී භාරය වසා දැමීමට රජය තීරණය කර තිබේ.

පරිසර සංරක්ෂණය හා වනජීවී සංරක්ෂණයට අදාළව දැනට එම ආයතනය කිසිදු ක්‍රියාකාරකමක නොයෙදෙන බව පවසමින් මෙය වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ අනුමැතිය දී ඇත.

ඒ අනුව එය වසාදැමීමෙන්පසු එහි සියලු වත්කම් හා වගකීම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරේ.

සේවයෙන් ඉවත් වීමට කැමති කාර්‍ය මණ්ඩල සාමාජිකයන්ට වන්දි හා පාරිතෝෂික ලබාදීමට රජය පියවර ගෙන ඇත.

එසේ ඉවත්වීම ප්‍රතික්ෂේප කරන කාර්‍යමණ්ඩල සාමාජිකයන් ඔවුනට පෞද්ගලික වන ස්‍රෙ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කෙරෙනු ඇත.

වනජීවී භාරය යටතේ ඇති රන්දෙණිගල පුහුණු මධ්‍යස්ථානය තවදුරටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යාමට සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය වෙත් ඉදිරිපත් කොට අනුමැතිය ලත් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ.