නවතම පුවත්

ඇඹුල්ගම, රත්මලාන ඝාතනවල සැකකරුවන් 8ක් අත්අඩංගුවට

අසංක

අසංක

ඇඹුල්ගම හංවැල්ල ප්‍රදේශයේ පසුගිය මාසයේ පුද්ගලයකු ඝාතනය කොට දෙදෙනෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 2ක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෝමාගම හා කඩුවෙල ප්‍රදේශවල දී ය.

සැකකරුවන් කඩුවෙල හා දැඩිගමුව පදිංචි අවුරුදු 22 හා 26 වයසේ පසුවන්නන් ය.

මේ අතර රත්මලාන ප්‍රදේශයේ දී පසුගිය මස පිහියකින් ඇණ එක් අයකු ඝාතනය කොට තවත් අයකුට තුවාල සිදුකළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගල්කිස්ස ප්‍රදේශයේ දී ය.

සැකකරුවන් අවුරුදු 17,18,19,22 හා 31 වයස්වල පසුවන්නෝ ය.

සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්