විදේශයන් හි සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් ATM යන්ත්‍ර ඔස්සේ කොල්ලකන විදේශිය කල්ලියක සාමාජියන් සිව්දෙනෙකු කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ATM යන්ත්‍රයේ දත්ත සොරාගැනීමට සහදා ඉලෙක්ට්‍රොනික උපකරණයක් සවිකරමින් සිටින අවස්ථාවේ ලද පැමිණිල්ලකට අනුව අතඅඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අංඩගුවට ගත් පිරිස අතර බල්ගේරියන් ජාතිකයෙකු, එස්ටෝනියන් ජාතිකයෙකු සහ පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අද දිනයේ ඔවුන් මාතර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.