යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ වීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටිහය.
යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250කි.
ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ඊට යොදවා තිබේ.