සූත්තරේට අනුව තෙල් මිලේ අද වෙනසක්

Picture of අසංක

අසංක

මිළ සූත්‍රයට අනුව සංශෝධිත නව ඉන්ධන මිළ ගණන් අද(11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සෑම මසකම 10 වනදා මිල සූත්‍රයට අනුව ඉන්ධන මිළ ගණන් සංශෝධනය කෙරෙන අතර ඒ අනුව පසුගිය මස 10 දිනද ,පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිළ රුපියල් 2කින් සහ සුපිරී ඩීසල් ලීටරයක මිළ රුපියල් 3කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.

ඊයේ (10) දින නිවාඩු දිනයක් වූ බැවින් අද (11) දින මෙම මසට අදාළ සංශෝධනයන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

පැතුම් වික්‍රමරත්න