කප්පම් නොදුන් නිසා නිවසකට වෙඩි තබලා

Picture of අසංක

අසංක

දෙමටගහකන්ද කරන්දෙනිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසට කිසියම් අයකු වෙඩි තබා පලාගොස් තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවකුට ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැත.

කලක් තිස්සේ මෙම ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලන අයකුට කප්පම් නොදීම හේතුවෙන් වූ වෙඩි තැබීමක් බව සැක පළ කෙරේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය විමර්ශනයක් අරඹා ඇත.