අහිතකර කෑම නිසා ලාංකිකයන්ගේ බර වැඩිවෙලා

Picture of අසංක

අසංක

සෞඛ්‍යයට අහිතකර ආහාර හා උදාසීන ජීවන රටාවන් නිසා ශ්‍රී ලංකාවේ අධික බර හා ස්ථුලතාවයේ අනුපාතය ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කර සිටී .

නාගරික ප්‍රදේශවල , පාසල් ළමුන් හා වැඩිහිටියන් තුළ මෙසේ අධික බර හා ස්ථුලතාවයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවද ලෝක අහාර වැඩසටහනේ මෙරට නියෝඉත සුබින්ග් සන් මහතා කොළඹදී පවතී රැස්වීමකදී පැවසීය.

මේ තත්වය මත ජනතාව නිවැරදි අහාර රටාවන් වෙත යොමු කිරීම ඉතා වැදගත් වන බවද ඔහු මෙහිදී පැවසීය.

සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කල යුතු බවත් , එම පෝෂ්‍යදායී අහාර පහසු මිලකට ජනතාවට ලබාගත හැකි විය යුතු බවත් සන් මහතා පැවසීය