තැන්පතුකරුවන්ගේ රුපියල් කෝටි 55කට අධික මුදලක් වංචා කළ බවට සැකපිට ගම්පහ සණස බැංකුවේ සභාපති, නීතිඥ ලලිත ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ එම බැංකුවේ තැන්පත් කර තිබූ ගිණුම් 120 කට අයත් මුදල වන රුපියල් පනස්පන් කෝටි අසූපන්ලක්ෂ අසූහතරසහස් එකසීය තිස්තුනක මුදල වංචා කිරීමේ චෝදනා මතය. සැකකාර සභාපතිවරයා 66 හැවිරිදි මැදගම්පිටිය දිවුලපිටිය පදිංචිකරුවෙකි.
ඔහු හෙට දිනයේදී ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.