ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා කම්කරු කොංග්රසය අතර ජනාධිපතිවරණය වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට කොළඹ ශ්රී ලංකා පදනම් ආයතනයේ දී අද පෙරවරුවේ අත්සන් තැබිණ.
පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති ජී එල් පීරිස් මහතා ද ශ්රී ලංකා කම්කරු කොංග්රසය වෙනුවෙන් එහි නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබීය.