ආනන්දේ සත්මහල් ප්‍රාසාදයට ගෝඨා තැබූ මුල් ගලේ සමරු ඵලකය අතුරුදන්

Picture of අසංක

අසංක

කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදය ඉදිකිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැතිඇමතිවරුන් විසින් මුල් ගල තැබීම වෙනුවෙන් මේ වනතෙක් පැවැති සමරු ඵලකය අතුරුදන් වී තිබේ.

මේ බව හෙළිවූයේ අඩක් නිමකොට එම ගොඩනැගිල්ල හෙට විවෘත කිරීමට අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පියවර ගැනීමට එරෙහිව අද කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයේ දීය.

මෙම විරෝධතාව හමුවේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ සත්මහල් ප්‍රාසාදය විවෘත කිරීම අත් හිටුවා ඇතත් එය ලබන 28 වැනිදා පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බව ද ‘ ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත වාර්තා වේ.

එම පාසලෙන් රටට බිහිකළ අතිමහත් මෙහෙරක නියැලුණු පුරවැසියන්ට උපහාරක් ලෙස සත්මහල් ප්‍රාසාදය ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ පසුගිය ආණ්ඩුව විසිනි.

එහි පිටතින් 90%ක පමණ වැඩ නිමකර ඇති නමුත් ඇතුළතින් නිම කොට ඇත්තේ අඩක් පමණි.

මාපිය හා ආදි සිදු විරෝධය එල්ල වන්නේ මෙය මුළුමනින්ම නිමකොට නිම කොට මිස විවෘත නොකරන ලෙසයි.

එමෙන්ම වත්මන් ආණ්ඩුව මැතිවරණ නීතියෙන් රිංගා යමින් නව සමරු ඵලකයේ සඳහන් කර ඇත්තේ 2019.09.19 මෙය විවෘත කළ බවයි.

එදින රට පුරා පාසල් ගණනාවක ගොඩනැගිලි 5000ක් ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ විවෘත කළ බව එහි සඳහන් කර ඇත.

මුල් ගල තැබීමේ පැරණි සමරු ඵලකය
නව ඵලකය