මධ්‍යම අරාක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ යෝජනාවකට අනුව දියතලාව නගරය පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් පසු ගිය සිකුරාදා (8) දින නිළධාරීන් දෙදෙනෙකුගෙන් හා යුද්ධ හමුදා සාමාජිකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් දියතලාව නගරයේ සිට බණ්ඩාරවෙල – හපුතලේ ප්‍රධාන මාර්ගයට යාබද Y-හංදිය දක්වා මාර්ගය දෙපස බැහැර කර තිබු පොලිතීන් බෑග් හා පරිසරය දූෂනය වන අයුරින් ඉවතලා තිබු අපද්‍රව්‍ය ඉවත් කරන ලදි.
මේ අතර, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නිළධාරීන් 20 ක් ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයින් 900 කට වැඩි පිරිසක් සඳහා 5 එස් සංකල්පය පිළිබඳ දැනුවත් කිරිමේ දේශණයක් දියතලාව ටෝච් සිනමා ශාලාවේ දී පෙබරවාරි 6 සහ 7 යන දෙදින තුළ පවත්වනු ලැබීය.
එහිදි ජාතික ඵලදායිතා සංගමයේ මදුල විදානාරච්චි, සුගත් දිසානායක, තරිඳු මාරසිංහ සහ සුදත් අබේසිංහ යන මහත්වරුන් විසින් මෙම දේශනය මෙහෙයවන ලදි. මෙම වැඩසටහන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ පූර්ණ අධීක්ෂණය මත සිදු කෙරිණි.