“අපක්ෂපාතී වෙන්න” – UN එකට ලංකාව කියයි

Picture of අසංක

අසංක

වඩාත් අපක්ෂපාතී හා විනිවිදපෙනෙන සුළු අකාරයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේදී කටයුතු කල යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කර සිටී.

ඒ හැර සියලුම රටවල විශ්වාසය තවදුරටත් ශක්තිමත්ව ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකිවන බවද, කැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සීතාරා ඛාන් මහත්මිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) පස්වන කමිටුවේදී ප්‍රකාශ කර ඇත.

තීරණ ගැනීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම වළක්වා ගැනීමට ජගත් සංවිධානය වගබලා ගත යුතු බවද සිතාරා ඛාන් මහත්මිය මෙහිදී අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ මූල්‍ය මණ්ඩලයේ කටයුතු වලටද මෙම අපක්ෂපාතීත්වය හා විනිවිද පෙනෙන සුළු හාවය අතිශයෙන් වැදගත් බවද ශ්‍රී ලංකා නියෝජිතවරිය සඳහන් කර ඇත.