ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ ගොනු කළ නඩුවක් ඉවතට

Picture of අසංක

අසංක

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අමෙරිකානු අධිකරණයක ගොනු කර තිබූ චෝදනාව නිෂ්ප්‍රභා කර තිබේ.

කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයක් විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර ඇත.

අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පෙත්සම ගොනුකළේ අප්‍රේල් මස 04 වනදායි.
ඇය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇතුළු කරුණු කීපයක් සඳහ මෙහිදී චෝදනා ගොනු කර ඇත.

මෙම චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙම නඩු පැවරීම දේශපාලන අවශ්‍යතා මත සිදුවූවක් බවයි.