කුකුළු මස් හා බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කරගන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කුකුළු මස් හා බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත්කරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටී .

කුකුළු මස් හා බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත හොත් දේශීය නිෂ්පාදකයින් බරපතල අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පවතී මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා පැවසීය ,

මේ වනවිට රටේ කුකුළු මස් මෙට්‍රික් ටොන් දසදහසක පමණ අතිරික්තයක් පවතින බවත් , එවන් තත්වයක් තිබියදී කුකුළු මස් ආනයනය කිරීමට රජය පියවර ගැනීම ඉතා අසාධාරණ බවත් ජයසිරි මහතා පැවසීය .

එසේම බිත්තර හිඟයක්ද රට තුල නොපවතින් බවත් , බිත්තර ආනයනය නොකලද එහි මිල ඉදිරි මාසය තුල රුපියල් 14 දක්වා පහත බසිනු ඇති බවත් ඒ මහතා මෙහිදී පැවසීය .