බලංගොඩ ජනහමුව අතරතුර මහේෂ් සේනානායක හදිසියේම රෝහල්ගත කරයි

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණය වෙනුවෙන් බලංගොඩ ප්‍රදේශයේ ජනහමුවක් ඇමතීමට වේදිකාවේ රැදී සිටි ජනාධිපති අපේක්ෂක, හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ක්ලාන්ත වී හදිසියේම රෝහල්ගත කර තිබේ.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව රෝගය උත්සන්න වීම හේතුවෙන් මහේෂ් සේනානායක මහතා මෙලෙස ක්ලාන්ත වී ඇතැයි වාර්තා වේ.

අසනීප තත්වයෙන් සිටියදීත් බණ්ඩාරවෙල හමුවක් ඇමතූ මහේෂ් සේනානායක මහතා ඉන් පසුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගෙන තිබේ.

නමුත් ඉන් අසනීප තත්ත්වයේ අඩුවක් නොවුණු ඒ මහතාට එම ඖෂධ ආසාත්මික වී ඇත්දැයි සැක මතුවී ඇත.

ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මහේෂ් ‌සේනානායක මහතා ‌රෝහලෛන් පිටව ‌ගොස් තිබේ.