වත්මන් ආණ්ඩුව තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සෙවීමේ ජනපති කොමිසම හමුවේ සාක්ෂි දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවට පැමිණ තිබේ.
ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ය.
සාක්ෂි ලබාගැනීමට අගමැතිවරයා කැඳවා තිබුණේ පසුගිය 18 වැනිදායි.
එදිනට පැමිණිය නොහැකි බව දන්වා අගමැතිවරයා අද දින කොමිසම හමුවට පැමිණෙන බව දන්වා තිබුණි.
මීට පෙර ද අගමැතිවරයා මෙම කොමිසම හමුවේම සාක්ෂි දී ඇති අතර ඒ සිනමා රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් ගොඩනැගිල්ල අධික බදු මුදලකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබාගැනීම සම්බන්ධ විමර්ශනයට අදාළවය.