නවතම පුවත්

සජිත්ගේ කෝටි 108ක මූල්‍ය අවභාවිතා ගැන ජනපති කොමිසම් වාර්තාවෙන් හෙළිවේ – ඩලස්

අසංක

අසංක

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද වත්මන් ආණ්ඩුවේ දූෂණ වංචා සෙවීමේ කොමිසමේ වාර්තාවෙන් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් රජයට කරන ලද රුපියල් කෝටි 108කට අධික මූල්‍ය අවභාවිත චෝදනා පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එම වාර්තාවේ දැක්වෙන එක් චෝදනාවක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධූරයට පත්වූ පසුව විවෘත කළ උදාගම්මානවල සමරු ඵලක වෙනුවෙන් පමණක් රුපියල් හත්ළිස් හතර කෝටි නවලක්ෂ හැටහයදහස් දෙසීය හතළිස් හතරක් වැය කර ඇති බවයි.

තවත් චෝදනාවක් වන්නේ ඔහු අමාත්‍ය ධූර දරන අමාත්‍යාංශවල අවිධිමත් ලෙස සේවකයන් බඳවාගැනීම් හේතුවෙන් රුපියල් හැටහතර කෝටි දහඅට ලක්ෂ හත්දහස් එකසිය තිස්පහක් රජයට අලාභ වී ඇති බවයි.

මෙම කරුණු දෙකට අදාළව අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට ද එම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද මෙම වාර්තාවෙහි ඉහත කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් හෙළිකරන ලද්දේ අද පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා