ප‍්‍රතිජීවකවලට වඩා 100 ගුණයක් ප‍්‍රබල සුදුළූනු

Picture of අසංක

අසංක

කුමන ආහාරයක් සමග කෑමට ගත්ත ද සුදුළූනු කියන්නේ ඉතා රසවත් දෙයක්. රෝස්ට් කරන ලද අල, ස්පැගටි එක්ක ආදි මොනදේ එක්ක වුණත් රසයි. ඒත් මේ හැමදේටම වඩා හොදම දේ තමයි සුදුලූනු පාන්. ඒ වගේම තමයි එහි ගුණයත්. ඔබට පුළුවන් නම් ඇපල් අමතක කරලා දිනකට එක සුදුළූනු බික් එකක් හෝ කෑමට ගන්න, ඔබට ඇත්තටම පුළුවන් වේවි ඔබේ වෛද්‍යවරයා ළගට යන එක අඩුකරගන්න. ඒකට හේතුව තමයි සුදුළූනු ඉතාම හොද ප‍්‍රතිජීවකයක් වීම. මෑතකදී කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙන්නේ මිනිසාගේ දෛනික ආහාරවේලට සුදුළූනු එක්කරගත හොත් එමගින් සෞඛ්‍යයට ඇතිවන හිතකර බලපෑම ඉතා විස්මිත බවයි.

විකිරණශීලී රසායනික චිකිත්සාව පිළිබද සගරාවක පළවී තිබුණේ වොෂිංටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෑතකදී මේ බව තහවුරු කරගත් බවයි. කැම්පයිලොබැක්ටර් නමැති ලොව සුලභ බැක්ටීරියාවක් තිබෙනවා. පාචනය, උණ, උදර වේදනාව ආදි රෝග හේතුකොටගෙන මතුවිය හැකි ආහාරවලින් ඇතිවන බරපතළ රෝගාබාධවලට හේතුවන්නේ කැම්පයිලොබැක්ටර් බැක්ටීරියාවයි. කෙසේවෙතත් පර්යේෂකයන් සොයාගෙන තිබුණේ මෙම බැක්ටීරියාව විනාශ කිරීමට, සාමාන්‍ය ප‍්‍රතිජීවක ඖෂධවලට වඩා සිය ගුණයක හැකියාවක් සුදුලූනුවලට ඇති බවයි. ඔබ සොයන්නේ ප‍්‍රතිජීවක ඖෂධයක් නම් ඔබට ඇති හොදම තෝරාගැනීම වන්නේ සුදුළූනු ය.

නව සොයාගැනීම හේතුවෙන් විස්මයට පත්වූ පර්යේෂකයන් ඒ පිළිබද තවදුරටත් පර්යේෂණයේ නිරත වනවා. වයස්ගත පුද්ගලයන්ට මෙමගින් ඇති වාසි පිළිබද දැනටමත් දන්නා කරුණක් වුවත් එහි සියල්ලන්ටම ප‍්‍රතිලාභ ලැබෙන ආකාරයේ ගුණයෙන් යුතු වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ෙසෙල උත්තේජනය කරමින් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට සුදුළූනුවලට හැකියාව ඇති බවට හදුනාගෙන තිබෙනවා. නිතර හැදෙන වෛරස් උණ රෝගයෙන් ඔබව ආරක්ෂා කිරීමේ හැකියාව සුදුළූනු සතුයි. රෝගියකුගේ රෝගී දින ගණන 61%කින් අඩුකිරීමට සුදුළූනු සාරයට හැකියාව පවතින බවත් පර්යේෂකයන්ගේ සොයාගැනීම්වල ප‍්‍රතිඵලයක්.

රුධිර පීඩනය යථාවත් කිරීමේ අපූරු හැකියාවක් සුදුළූනුවලට හිමියි. අධි රුධිර පීඩන තත්තවයකදී ප‍්‍රතිකාර සදහා ගන්නා ඇටෙනොලොල් ඖෂයේ ගුණ සුදුළූනු සතුවීම විශේෂත්වයක්. අපගේ රුධිරයේ අඩංගු විෂ සහිත බැර ලෝහ හරණය කිරීමේ හැකියාව ද සුදුළූනුවල පවතිනවා. බොහෝ විෂවීම්වලදී සියුම් ලෙස කි‍්‍රයාකිරීමට වගේම හිසරදයටත් සුදුළූනු කියන්නේ අපූරු ඖෂධයක් බවත් සොයාගෙන තිබෙනවා. හෘද රෝග, පිළිකා, ක්ෂුද‍්‍රජීවීන්ගේ රෝග බලපෑම අවම කිරීමට හැකි සංඝටක සුදුළූනුවල අඩංගු බවයි පර්යේෂකයන් පවසා ඇත්තේ. ඉතා පහසුවෙන් දෛනික ආහාර වේලට එක්කර ගත හැකි සුදුළූනු රසවත් මෙන්ම එහි පවතින ඖෂධීය ගුණ සළකා බලා වඩාත් සෞඛ්‍යසම්පන්න දිවිපෙවෙතක් සදහා වඩාත් වැඩියෙන් ආහාරයට ගත යුතු බව පර්යේෂකයන්ගේ නිර්දේශයයි.