ශ්‍රී ලංකාවේ 2019 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිදහස් මැතිවරණ සඳහා වූ ආසියානු ජාලය හෙවත් ANFREL සංවිධානයද මේ වනවිට මෙරටට පැමිණ ඇත.
රටවල් 16 ක් නියෝජනය කරමින් වෘත්තීය මැතිවරණ නිරීක්ෂකයින් 41 දෙනෙකුගෙන් යුත් ඇන්ෆ්‍රෙල් කණ්ඩායම දිවයින පුරා විසිර ගොස් තම නිරීක්ෂණ දියත් කිරීමට නියමිතව ඇත.
මෙම මෙහෙයුමේ ප්‍රධානත්වය පිලිපීනයේ දමසෝ මැග්බුල් මහතා විසින් දරනු ලබන අතර මෙම නිරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂණ සඳහා වන මූලධර්ම හා චර්යාධර්ම පද්ධතියට අනුකූල වන පරිදි සකස් කර ඇති ඇන්ෆ්‍රෙල්ගේ ක්‍රමවේදය මගිනි.