එල්ලුම් ගහට පණදෙන්න අලුගෝසුවන් කැඳවයි

Picture of අසංක

අසංක

අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් අද (11) සිට කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මරණ දඬුවම නියම වි සිටින දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ඒ අනුව ලබන 25 වනදා තෙක් අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් යොමු කළ හැක.

මේ අතර එල්ලුම් ගහ සඳහා භාවිත කිරීමට නියමිත කඹය , මරණ දඬුවම ලබාදීම සඳහා යොදා ගැනීමට සුදුසු ද යන්න පරීක්ෂා කරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යොමු කර ඇත,

පැතුම් වික්‍රමරත්න