පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ තනතුරු බෙදී යන ආකාරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලනිපය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර විශේෂ සාකච්ජාවක් ලබන සඳුදා දින පැවැත්වීමට නියමිතව් ඇත.
දෙපාර්ශවයේම ප්‍රධානීන් කිහිපදෙනෙකුම මෙම සාකච්ජාවට එක්වීමටද නියමිතව ඇත.
මෙම නව සංන්ධානයේ සම සභාපතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට දන යෝජනා වී ඇති බවද වාර්තාවේ.
මෙම සන්ධානයේ ප්‍රධානතම තනතුරු රැසක් පුඩු ජන පෙරමුණට ලබාදීමට නියමිත අතර ජාතික සංවිධායක ධූරය හා නියෝජ්‍ය ලේකම් ධූරය ශ්‍රීලනිපයට ලබාදීමටද නියමිත බව වාර්තාවේ.