අයිඑස් පරාජයට අගමැති ට්‍රම්ප්ට සුබ පතයි

Picture of අසංක

අසංක

ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිට අවසානය ගෙනදුන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කරයි.

එම ජයග්‍රහණය ලෝක සාමය කරා හේතුවනු ඇති බව හෙතෙම කියාසිටියි.

‘ත්‍රස්තවාදයට එරෙහි සටන සාර්ථක කරගත් මෙහෙයුම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට මම සුබ පතමි. මෙය නිසැකවම අයිසිස් කණ්ඩායමට පසුබෑමක් ඇති කරන අතරම ලෝකය සාමයෙන් පිරි ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට උපකාරී වනු ඇතැයි’ වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේය.