දම්පත් රණසිංහ
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා අද අලුයම නැවතත් මෙරටට පැමිණ තිබේ.
ඔහු සමඟ බිරිඳ ද පැමිණ ඇත.
ඔවුන් ඩුබායි බලා ගොස් තිබුණේ ඉකුත් 26 වැනිදායි.
මොවුන් රටින් පිටව යාම රටින් පලායාමක් බව පවසමින් රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබුණි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කිහිපයක් දැඩි විවේචනයට ලක්කළේය.
ඒ එක් මාධ්‍ය ආයතනයකට එරෙහිව රුපියල් මිලියන 300ක් ඉල්ලා අපහාස නඩු දැමීම සඳහා ඔහු විසින් අද මූලික කටයුතු සිදු කළේය.
ඔහු මේ වනවිට කොළඹ නවම් මාවතේ සුඛෝපභෝගී තට්ටු නිවාසයක රැඳී සිටියි.