සුර්ජිත් කුහරය තුලම අවසන් හුස්ම හෙලයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දින 4කට ආසන්නව අඩි 100ක පමණ ගැඹුරු ළිඳක සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක සිටි සුර්ජිත් ලොව පුරා ඔහුගේ ජීවිතය රැකෙන්නට ප්‍රාර්ථනා කළ මිලියන ගණනක ජනතාව හඬවමින් මියගිය බව NDTV රූපවාහිනිය වාර්තා කරනවා. දින 4ක් පුර අවුරුදු 2ක් වයසැති මේ සිඟිත්තා බේරාගැනීමට ඉන්දියානු සහන සේවකයන් ඉමහත් පරිශ්‍රමයක් දැරුවා.

නමුත් ඒ සියළු උත්සහයන් අපතේ යවමින් අද අළුයම දරුවා මියගියා. මේ වන විට මරණ පරික්ෂණ අවසන් කර දරුවගේ සිරුර මවුපියන් වෙත භාරදී ඇති අතර අද දිනයේ දරුවාගේ අවසන් කටයුතු සිදුකිරිමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය වාරතා කරනවා.