කඳාන ප්රදේශයේ නිවසක මැණිකක් විකිණීමට යැයි පවසමින් එහි ගනුදෙනුවක සාකච්ඡාවක් අතරතුරදී එය ගැනීමට පැමිණි පුද්ගලයා ගෙන ආ රුපියල් ලක්ෂ 14ක මුදල කොල්ලකා පලාගිය 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පලායාමට යොදාගත් ජිප් රථය හා ඊට අනුබල දුන් රියැදුරු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදීය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.