නවතම පුවත්

ලොවෙන් අඩක්ම උග්‍ර දුගියෝ

අසංක

අසංක

ලෝකයෙන් හරි අඩක්ම පාහේ එනම් බිලියන 3කට අධික ජනතාව ජීවත්වන්නේ දිනකට ඩොලර් 2.50කටත් වඩා අඩු මුදලකිනි. මිලියන 567ක් පමණ වෙසෙන අධික ලෙස ණයබරින් යුතු රටවල් 41ක දළ දේශීය නිෂ්පාදිතය, ලොව ධනවත්ම පුද්ගලයින් 7 දෙනාගේ වත්කම් එකතුවටත් වඩා අඩු ය. 21 වැනි සියවසට පා තැබූ මිනිසුන්ගෙන් බිලියනයකට පමණ පොතක් කියවිීමට හෝ අවම වශයෙන් තම අත්සන තැබීමටවත් නොහැකිය.

ලොව පුරා ළමුන්ගෙන් (සෑම දෙදෙනකුගෙන් එක්කෙනකු බැගින්) බිලියනයක් පමණ දුගීබවින් පෙළෙයි. ඉන් මිලියන 640ක් පමණ සුදුසු වාසස්ථානයක් හෝ නොමැතිව ජීවත් වෙයි. මිලියන 400ක පමණ ළමුන්ට පිරිසිදු ජලය නොමැත. මිලියන 270ක් පමණ සෞඛ්‍ය සේවා නොලබයි. 2003 වසරට පෙර මිලියන 10.6ක පමණ දෙනා අවුරුදු 5ක සැපිරීමට පෙර මියගොස් තිබුණි. එය දළ වශයෙන් දිනකට 29,000ක් පමණ වේ. ලෝක බැංකුව මගින් කලින් කලට අනාවරණය කරනු ලබන සංවර්ධන දත්ත මගින් මේ බව හෙළිවී තිබේ.

ලොව පුරා දුගී හෝ ධනවත් රටවල් වේවා, දුගී බව හැමවිටම පිළිඹිබු වේ. බොහෝ රටවල ඇත්තේ අසමානතාව ය. ධනවත් හා දුගී බව අතර පරතරය වැඩිවීම, අතිශය විශාල වීම හෝ පුළුල් වීමය.

දුගී බවට හේතුවන අනේක විධ කරුණු අතර, තනි පුද්ගල වගකීම්සහගත බවෙහි හිගතාව, රජයේ අයෝග්‍ය ප‍්‍රතිපත්ති, බලය භාවිත කොට පුද්ගලයන් හා ව්‍යාපාරවලින් ශ‍්‍රම සූරාකෑම ආදී කරුණු ද ඊට බලපා තිබේ.

බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ ඉහළ පෙළේ අසමානාත්මතාව සමාජමය ඒකාබද්ධතාවට බලපාන අතර එමගින් අපරාධ හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළයාමට ද හේතුවී ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්